වේදනාත්මකව ඉගෙන ගත් පාඩමක් සදාකල් මතකයෙ රැදේ.

සිනහවකට කිසිවක් වැය නොවේ.නමුත් බොහෝ දේ ලැබේ.

ඔබ අන් අයගෙන් ලබා ගන්නට කැමති දේ ඔබ අන් අයට දෙන්න.

අවංක කම ලබන්නට නම් ඔබ අවංක විය යුතුය.

අත්දකීම් නව මිනිසෙකු ඇති කරයි.

අවංක කම මිනිසා උසස් කරයි.

වචනයක සාර්ථකත්වය රදා පවතිනේ සිදුවන ක්‍රියාව මතය .

නොකියන ලද වචනයෙන් කිසිවෙකුට හානියක් හෝ සිත් රිදීමක් නොවේ.

කෝපයා මෝඩකමි පටන් ගෙන පසුතැවිල්ලෙන් අවසන් වෙයි.

මිනිස් ජීවිතයට සිතෙහි ප්‍රීතිය ආහාරයකි. දුක බෙහෙතකි.

කාන්තාවකට සෑම වයසකදීම අලංකාරය ගෙන දෙන අවිය නිහතමානි බවයි.

රැය රහසේ මල් පුබුදුවා දහවලට එහි කීර්තිය බාර දෙයි.

ආසාවෙන් පැතූ සියලු දේ වේදනාවෙන් කෙලවර වේ.


කියවීම නරක සිතුවිලි වලින් ගැලවීමට ඇති නියම මගයි.

සැප නින්දක් සදහා අවශ්‍යයම බේත සන්සුන් සිතයි.

ඔබ මිතුරන් අතරේ ජනප්‍රිය වීමට කැමති නම් ඔවුන් කියන
හැම දෙයකටම සවන් දෙන්න.

කාලය කිසිවෙකු වෙත නතර නොවේ.

නිදහස දිනාගන්නවාට වඩා අමාරු කාර්ය ඒ නිදහස රැක ගැනීමයි.

පරාජය ගැන බිය පුද්ගලයාට හිමිවන්නේ පරාජයමයි.


සතුට,ප්‍රීතිය රදා පවතින්නේ ඔබට ලැබෙන දේ වලින් නොව
ඔබ අනුන්ට දෙන දේ වලිනි.
 

DREAM WORLD