සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත.

අවංක කම මිනිසා උසස් කරයි.

ක්‍රෝදයට පත්වීම යනු අනුන්ගේ වරදට තමන්ගෙන් පලිගැනීමකි.

කෘතගුණය යනු හදවතේ රැදි මතකයයි.

අනාගත ඉරණම විසදනු ලබන්නේ වර්තමානය විසිනි.

මිනිසා මුලු ජීවිත කාලය තුලදිම කරන්නේ ජීවත් වීමට සුදානම් වීමයි.

අවංක මිනිසාට යුතුකම් ඉටු කිරීමට තරවටු උවමනා නැත.පැසසුම් උවමනාත් නැත.

සැකය ඇති වන්නේ අවබෝධය දුබල තැනය.

උවමනාවට වඩා වැඩි විවේකය වේදනාවකි.

සත්‍ය විශ්වාසයක් නැති තැන සත්‍ය ආදරයක් ද නැත.

අනුන්ට ඉගැන්වීමෙන් තමාද ඉගෙන ගනියි.

ලස්සන ගැහැණිය මැණිකකි.හොද ගැහැණිය නිධානයකි.

ජීවිතයට ප්‍රීතිය මෙන්ම ශෝකයද වැදගත්ය.

ලෝකයම පෙරලුනත් මව දරුවා වෙතින් ඉවතට නොයයි.

නිදහස දිනා ගැනීමට වඩා අමාරු කාර්ය ඒ නිදහස රැක ගැනීමයි.
 

DREAM WORLD