බොහෝ විට වචනයට වඩා නිහඩතාවය බලවත්ය.

ප්‍රමාද නොවිය යුතුයි.ප්‍රමාදය අන්තරාවට අන්තවන හෙයිනි.

ඊර්ෂ්‍යාව තදින් බලපාන්නේ ආත්මාර්තකාමිත්වය ඉස්මතු කර ගත්
මිනිසුන් තුලය.

හදවතින් මතුව එන අවංක පිරිසිදු අශාවන් සෑම විටම ඉටුවේ.

මිනිසෙකුට චිත්ත ශක්තියට වඩා වැඩි බලයක් නැත.

මිනිසා තමා වපුරන දේම කපා ගනි.

උගත් කමින් මිනිසෙකුට ලැබෙන ලොකුම ප්‍රයෝජනය තමා තමාට සහකාරයෙකු
විය හැකි වීමයි.

සෑම කන්දකටම පල්ලමක් ඇත.

පෙරෙලෙන ගල්වල පාසි නොබැදේ.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය.

ආසාවෙන් පැතු සියලු දේ වේදනාවෙන් කෙලවර වෙති.

ඉවසීම බොහෝ දේ ලබා ගැනීමට ඉවහල් වෙයි.

අවංක කම ලබන්නට නම් ඔබ අවංක විය යුතුය.

අත්දැකීම් නව මිනිසෙකු ඇති කරයි.

පොල් ගස කොපමණ උස ගියත් අතු වැටෙන්නේ ගස පාමුලටය.
 

DREAM WORLD