ඔබ මිතුරන් අතරේ ජනප්‍රිය වීමට කැමති නම් ඔවුන් කියන
හැම දෙයකටම සවන් දෙන්න.

කාලය කිසිවෙකු වෙත නතර නොවේ.

නිදහස දිනාගන්නවාට වඩා අමාරු කාර්ය ඒ නිදහස රැක ගැනීමයි.

පරාජය ගැන බිය පුද්ගලයාට හිමිවන්නේ පරාජයමයි.


සතුට,ප්‍රීතිය රදා පවතින්නේ ඔබට ලැබෙන දේ වලින් නොව
ඔබ අනුන්ට දෙන දේ වලිනි.

ස්ත්‍රියකගේ ශක්තිය ඇගේ දිවෙහි පිහිටා ඇත.

දරුවාට ඉගැන්විය යුත්තේ මහත්මයකු වීමට නොව මිනිසෙකු වීමටය.

කන්දිමෙන් බුද්ධිය මුහුකුරා යයි. කථාකිරීමෙන් බොහෝ විට
ඇතිවන්නේ පසුතැවිල්ලකි.

වේදනාව හා ප්‍රීතියද එළිය හා අදුර මෙන් එකිනෙකාට යාබදව වැටි ඇත.

ඔබ ඔබගේ සිතුවිලි වෙනස් කරගන්නා විට
ඔබ ඔබගෙ විශ්වාසය වෙනස් කර ගනි.
ඔබ ඔබගේ විශ්වාසය වෙනස් කරගන්නා විට
ඔබ ඔබගේ අපේක්ෂාව වෙනස් කර ගනි.
ඔබ ඔබගේ අපේක්ෂාව වෙනස් කරගන්නා විට
ඔබ ඔබගේ අකල්ප වෙනස් කර ගනි.
ඔබ ඔබගේ අකල්ප වෙනස් කරගන්නා විට
ඔබ ඔබගේ හැසිරීම වෙනස් කර ගනි.
ඔබ ඔබගේ හැසිරීම වෙනස් කරගන්නා විට
ඔබ ඔබගේ කාර්ය සාදනය වෙනස් කර ගනි.
ඔබ ඔබගේ කාර්ය සාදනය වෙනස් කරගන්නා විට
ඔබ ඔබගේ ජීවිතය වෙනස් කර ගනි.
( The power of Subconscious Mind )


ශෝකයෙන් වපුරා ගන්නෝ ප්‍රීතියෙන් නෙලා ගනී.

ජීවිත කාලය තුලදි ලැබිය හැකි උසස්ම දැනුම තමා ගැන
අවබෝධයක් ලබා ගැනිමයි.

දැනුමයි කියා දෙයක් නැත ඇත්තේ නොදැනීමේ අවශ්තා පමණි.

මවගේ ආදරය ලෝකයේ ඇති උසස්ම ආදරයයි

සමාන කුරුල්ලෝ එකට හමුවෙති.
 

DREAM WORLD