වේදනාත්මකව ඉගෙන ගත් පාඩමක් සදාකල් මතකයෙ රැදේ.

සිනහවකට කිසිවක් වැය නොවේ.නමුත් බොහෝ දේ ලැබේ.

ඔබ අන් අයගෙන් ලබා ගන්නට කැමති දේ ඔබ අන් අයට දෙන්න.

අවංක කම ලබන්නට නම් ඔබ අවංක විය යුතුය.

අත්දකීම් නව මිනිසෙකු ඇති කරයි.

අවංක කම මිනිසා උසස් කරයි.

වචනයක සාර්ථකත්වය රදා පවතිනේ සිදුවන ක්‍රියාව මතය .

නොකියන ලද වචනයෙන් කිසිවෙකුට හානියක් හෝ සිත් රිදීමක් නොවේ.

කෝපයා මෝඩකමි පටන් ගෙන පසුතැවිල්ලෙන් අවසන් වෙයි.

මිනිස් ජීවිතයට සිතෙහි ප්‍රීතිය ආහාරයකි. දුක බෙහෙතකි.

කාන්තාවකට සෑම වයසකදීම අලංකාරය ගෙන දෙන අවිය නිහතමානි බවයි.

රැය රහසේ මල් පුබුදුවා දහවලට එහි කීර්තිය බාර දෙයි.

ආසාවෙන් පැතූ සියලු දේ වේදනාවෙන් කෙලවර වේ.


කියවීම නරක සිතුවිලි වලින් ගැලවීමට ඇති නියම මගයි.

සැප නින්දක් සදහා අවශ්‍යයම බේත සන්සුන් සිතයි.

ඔබ මිතුරන් අතරේ ජනප්‍රිය වීමට කැමති නම් ඔවුන් කියන
හැම දෙයකටම සවන් දෙන්න.

කාලය කිසිවෙකු වෙත නතර නොවේ.

නිදහස දිනාගන්නවාට වඩා අමාරු කාර්ය ඒ නිදහස රැක ගැනීමයි.

පරාජය ගැන බිය පුද්ගලයාට හිමිවන්නේ පරාජයමයි.


සතුට,ප්‍රීතිය රදා පවතින්නේ ඔබට ලැබෙන දේ වලින් නොව
ඔබ අනුන්ට දෙන දේ වලිනි.

ස්ත්‍රියකගේ ශක්තිය ඇගේ දිවෙහි පිහිටා ඇත.

දරුවාට ඉගැන්විය යුත්තේ මහත්මයකු වීමට නොව මිනිසෙකු වීමටය.

කන්දිමෙන් බුද්ධිය මුහුකුරා යයි. කථාකිරීමෙන් බොහෝ විට
ඇතිවන්නේ පසුතැවිල්ලකි.

වේදනාව හා ප්‍රීතියද එළිය හා අදුර මෙන් එකිනෙකාට යාබදව වැටි ඇත.

ඔබ ඔබගේ සිතුවිලි වෙනස් කරගන්නා විට
ඔබ ඔබගෙ විශ්වාසය වෙනස් කර ගනි.
ඔබ ඔබගේ විශ්වාසය වෙනස් කරගන්නා විට
ඔබ ඔබගේ අපේක්ෂාව වෙනස් කර ගනි.
ඔබ ඔබගේ අපේක්ෂාව වෙනස් කරගන්නා විට
ඔබ ඔබගේ අකල්ප වෙනස් කර ගනි.
ඔබ ඔබගේ අකල්ප වෙනස් කරගන්නා විට
ඔබ ඔබගේ හැසිරීම වෙනස් කර ගනි.
ඔබ ඔබගේ හැසිරීම වෙනස් කරගන්නා විට
ඔබ ඔබගේ කාර්ය සාදනය වෙනස් කර ගනි.
ඔබ ඔබගේ කාර්ය සාදනය වෙනස් කරගන්නා විට
ඔබ ඔබගේ ජීවිතය වෙනස් කර ගනි.
( The power of Subconscious Mind )


ශෝකයෙන් වපුරා ගන්නෝ ප්‍රීතියෙන් නෙලා ගනී.

ජීවිත කාලය තුලදි ලැබිය හැකි උසස්ම දැනුම තමා ගැන
අවබෝධයක් ලබා ගැනිමයි.

දැනුමයි කියා දෙයක් නැත ඇත්තේ නොදැනීමේ අවශ්තා පමණි.

මවගේ ආදරය ලෝකයේ ඇති උසස්ම ආදරයයි

සමාන කුරුල්ලෝ එකට හමුවෙති.

අනෙක් හැම දෙයම අභිබවා විනෝදයට වහල් වන පුද්ගලයාගේ
. සදාකාලික උරුමය වේදාවකි.

සිනහවකට කිසිවක් වැය නොවේ. නමුත් බොහෝ දේ ලැබේ.

අනෙක් හැම දෙයක්ම අභිබවා විනෝදයට වහල් වන
පුද්ගලයාගේ උරුමය සදාකාලික වේදනාවයි.

ඔබට පහර දෙන සතුරන්ට වඩා ඔබ වර්ණනා කරන
මිතුරන්ගෙන් ප්‍රවේෂම් වන්න.

මග හොදට තිබේ නම් - යන්න දෑසත් පෙනේ නම්
කිම බැදි වල යන්නේ - මං මුලා වු එකෙකු සේ

අනුන්ට ඉගැන්වීමෙන් තමන්ද ඉගන ගනියි.

ආසාවෙන් පැතු සියලු දේ වේදනාවෙන් කෙලවර වේ.

රෝමය සිටින විට ඔබ රෝමවරයෙකු ලෙස කටයුතු කරන්න.

කලාව සදාකලිකයි.ජීවිතය තාව කාලිකයි.

තිදෙනෙකු අතර නිදහසක් රැකෙන්නේ ඉන් දෙදෙනෙක් මළවුන් වුවොත් පමණි.

කෝපය මෝඩකමින් පටන් ගෙන පසුතැවිල්ලෙන් කෙළවර වේ.

අපේ ජීවිතයේ නිර්මලත්වය රදා පවතින්නේ අප තෝරා ගන්නා
මිත්‍රයන්ගේ පිළිවෙල අනුවය.

පරාජය ගැන බිය පුද්ගලයාට හිමිවන්නේ පරාජයමය.

සේවයක අගය වැඩි වන්නේ එය නියම වෙලාවට සැලසු විටය.

උප්පත්තිය ලබන දිනට වඩා මරණය සිදුවන දිනය වැදගත්ය.

දියුණුවට මෙන්ම බොහෝ විට විනාශයට ද මුල වන්නෙ වචනයයි.

ඉගනීම ස්වභාවික ලෙසත් පලපුරුද්දෙනුත් දියුණු තියුණු විය යුතුය.

වැඩි බලපෑමක් නෙතුව හදවතකට ආයාචනය කල හැක්කෙ ගැහැනියකට පමණි.

අනුන්ගේ වරදට සමාව දිය යුතු වුවද තමන්ගේ වරදට කිසි සමාවක් නොදිය යුතුය.

දුප්පත් කම විදදරා ගැනීම නිවට කමකි.නියම මිනිස්කම ඊට විරුද්ධව සටන් කිරීමයි.

තමන් ගැන සැළකිළි මත් නොවන පුද්ගලයාට වෙන කාගෙන්වත් සැළකිලි ලැබිය නොහැකිය.

බොහෝ විට වචනයට වඩා නිහඩතාවය බලවත්ය.

ප්‍රමාද නොවිය යුතුයි.ප්‍රමාදය අන්තරාවට අන්තවන හෙයිනි.

ඊර්ෂ්‍යාව තදින් බලපාන්නේ ආත්මාර්තකාමිත්වය ඉස්මතු කර ගත්
මිනිසුන් තුලය.

හදවතින් මතුව එන අවංක පිරිසිදු අශාවන් සෑම විටම ඉටුවේ.

මිනිසෙකුට චිත්ත ශක්තියට වඩා වැඩි බලයක් නැත.

මිනිසා තමා වපුරන දේම කපා ගනි.

උගත් කමින් මිනිසෙකුට ලැබෙන ලොකුම ප්‍රයෝජනය තමා තමාට සහකාරයෙකු
විය හැකි වීමයි.

සෑම කන්දකටම පල්ලමක් ඇත.

පෙරෙලෙන ගල්වල පාසි නොබැදේ.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය.

ආසාවෙන් පැතු සියලු දේ වේදනාවෙන් කෙලවර වෙති.

ඉවසීම බොහෝ දේ ලබා ගැනීමට ඉවහල් වෙයි.

අවංක කම ලබන්නට නම් ඔබ අවංක විය යුතුය.

අත්දැකීම් නව මිනිසෙකු ඇති කරයි.

පොල් ගස කොපමණ උස ගියත් අතු වැටෙන්නේ ගස පාමුලටය.

මිනිසා මුලු ජීවිත කාලය තුලදීම කරන්නේ ජීවත් වීමට සුදානම් වීමයි.

බියගුල්ලා අනතුරකර පෙරද, දුර්වලයා අනතුර සිදුවන මොහොතේද, දිරිමත් පුද්ගලයා අනතුරට පසුවද බියට පත් වේ.

ඕනෑවට වඩා සංවිධානය වී ඇති තැනකින් නිර්මාණශිලිත්වය පලායයි.

අන්‍ය ආගම් වලට ගරු නොකරන තැනැත්තාගෙන් තම ආගමට ද ගෞරවයක් හිමි නොවේ.

නිහතමානි බව යටහත් පහත් බව නොව, තමා ගැන නිසි පමණට වඩා නොසිතීමයි.

මැරෙන්නට වඩා එඩිතර කමක් ජීවත් වෙන්නට උවමනාය.

හිතන්නට කැමති පුද්ගලයාට හුදකලාව ස්වර්ගයකි

ආදරය ලබන්නට නම් ඔබ අනුන්ට අදරය කල යුතුය.

සිතුම් පැතුම් සිර කල නොහැක.

සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත.

අවංක කම මිනිසා උසස් කරයි.

ක්‍රෝදයට පත්වීම යනු අනුන්ගේ වරදට තමන්ගෙන් පලිගැනීමකි.

කෘතගුණය යනු හදවතේ රැදි මතකයයි.

අනාගත ඉරණම විසදනු ලබන්නේ වර්තමානය විසිනි.

මිනිසා මුලු ජීවිත කාලය තුලදිම කරන්නේ ජීවත් වීමට සුදානම් වීමයි.

අවංක මිනිසාට යුතුකම් ඉටු කිරීමට තරවටු උවමනා නැත.පැසසුම් උවමනාත් නැත.

සැකය ඇති වන්නේ අවබෝධය දුබල තැනය.

උවමනාවට වඩා වැඩි විවේකය වේදනාවකි.

සත්‍ය විශ්වාසයක් නැති තැන සත්‍ය ආදරයක් ද නැත.

අනුන්ට ඉගැන්වීමෙන් තමාද ඉගෙන ගනියි.

ලස්සන ගැහැණිය මැණිකකි.හොද ගැහැණිය නිධානයකි.

ජීවිතයට ප්‍රීතිය මෙන්ම ශෝකයද වැදගත්ය.

ලෝකයම පෙරලුනත් මව දරුවා වෙතින් ඉවතට නොයයි.

නිදහස දිනා ගැනීමට වඩා අමාරු කාර්ය ඒ නිදහස රැක ගැනීමයි.

අවිශ්වාසයෙන් පෙළෙන මිනිසා තරම් තනිකමෙන් පෙලෙන මිනිසෙකු තවත් නැත.

වහලුන්ගේ අන්තිම වහලා හැගීම් වලට වහල් වු තැනැත්තාය.

ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට අධ්ෂ්ඨානයක් ඇත.දුබලයන්ට ඇත්තේ පැතුම් පමණි.

නියම ජයග්‍රහණය නොවැටි සිටීම නොව වැටෙන වැටෙන පාරට නැගිටීමයි

ඉගනීම යනු පටු විෂය මාලාවක් ප්‍රගුන කිරීම නොව
ජීවිතයේ යතාර්ථය හදුනා ගැනීමයි.

දැනීම ලබා ගැනීමට ගතයුතු ප්‍රථම පියවර නොදන්නා බව දැන ගැනීමයි.

යෝධයෙකුගේ ශක්තිය ලැබීම වාසනාවකි.
එහෙත්
එය දුබලයන් ඉදිරියේ පෙන්වීම දීන කමකි

තමන්ගේ පියාපත් වලින් පියාසර කරන තාක්කල්
කිසිම කුරුල්ලෙක් පමණට වඩා උඩ ඉගිල්ලෙන්නේ නැත.

හිතන්නට කැමති පුද්ගලයාට හුදකලාව ස්වර්ගයකි.

දුක නිහඩව දරාගත් තරමට ඉක්මනින් සහනය ලැබේ

මිත්‍රත්වයක් ඇතිකර ගැනීමේදි ඉක්මන් නොවන්න.
එහෙත් සහජ වශයෙන්ම එවැන්නක අගය වටහා ගත් පසු
කිසිම දිනක එය විනාශ නොකරන්න.

තමන්ගේ සිත ප්‍රීතිමත් කරගත් තරමට බොහෝ දෙනා ප්‍රීතිමත් කල හැකිය.

ජීවිතේ කදුළු බර අවශ්ථා දෙකකි.
එනම්,ආශාව ඉටුකර ගැනීම හා ආශාව ඉටු කර නොගැනීමයි.

හොඳ මිතුරෙකු ලැබිමේ හොදම ක්‍රමය තමා
හොද මිතුරෙකු වීමයි ! ! ! ! !

ජීවිතේ සුන්දර දේවල් හදවතට කොදුරා කියන්නේ
නෙත් දෙකය. ඒ සුන්දර දේවල් අපෙන් ඈත් වු දා ඒ මතකය ගැන
-----නෙත් දෙකට කොදුරා කියන්නෙ හදවතය -----



 

DREAM WORLD